රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වාදීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව බස් රථ බලපත්‍රය සමඟ මෙම AI තාක්ෂණික පද්ධතිය තිබීම අනිවාර්ය කරන බවත්, එම පද්ධති ඇති බස් රථවලට පමණක් මාර්ග ධාවනයට අවසර ලබාදෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වාදිමට කටයුතු කරන බවද, එසේම දුර සේවා රියදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
දුර ගමන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර සම්පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පසු, බස් රථ ER1 සහතිකය ලබාගත යුතු බවට යෝජනා කර ඇති අතර, ලංගම යටතේ ඇති සියලුම බස් ඩිපෝවල, සියලුම දුර ගමන් බස් රථ පරීක්ෂා කිරීම ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.