‍සාම සාකච්ඡා සඳහා පුටින් නොඑන බව දැනුම්දෙයි

රුසියානු, යුක්රේන සහ එක්සත් ජනපද නියෝජිතයින් අතර සාම සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මේ වන විටත් තුර්කියට පැමිණ සිටිනවා.

සාම සාකච්ඡා සඳහා තමා නොපැමිණෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කර තිබෙන අතර, ඔහුගේ නි‍යෝජිත කණ්ඩායමක් සාකච්ඡා සඳහා‍ යොමු කර තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (14) සඳහන් කළේ, තමන් මෙම සාම සාකච්ඡාව සඳහා සම්බන්ධවීමට සැලසුම්කර නොතිබූ බවයි.

අද පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත්, සිකුරාදා දිනයේ දී අමෙරිකානු ජනාධිපතිවරයා තුර්කියට යාමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාව නියෝජනය කරමින් එහි නියෝජිත කණ්ඩායමක්ද මේ වන විට තුර්කියට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ