හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල – නාමල්

සෑම ප්‍රශ්නයක්ම තමන්ගේ ඇඟට නොදමා ආණ්ඩුව ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව සෑම ‍එකක්ම ඔවුන්ගේ ඇඟට දැමීමට ගොස් මැතිවරණයේදී පැමිණි ප්‍රතිඵල පෙනෙන්නට ඇති බවත්, ආණ්ඩුවේ ඡන්ද 18% ක් අඩුවී ඇති බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට සැලැස්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව ඔප්පු වී ඇති බවද, ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජනතාව විසින් ලබාදුන් ජන වරම කියවා ගන්නා ලෙසත්, එම ලැබුණු ජන වරම 2018 සමඟ සංසන්දනය කරමින් සිටියහොත් සිදුවන්නේ තම පක්ෂයට සිදුවූ දේම බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.