-පළමු ප්‍රතිඵලය රෑ 11ට මැතිවරණ කොමිසම
පළාත් පාලන ආයතන 339ට අදාළව අද (06) පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 6.00 පමණ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ට පැවසීය.
ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ ඡන්ද මධ්‍යස්ථානයේදීම බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සවස 4.00ට අවසන් වීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීම ආරම්භ කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
තේරීම් භාර නිලධාරීන් හරහා එම ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් නිල ඡන්ද ප්‍රතිඵලය ඉන් අනතුරුව නිකුත් කෙරෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය.
අවම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ඇති ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල පළමුව නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.