ශිෂ්‍යත්වය අගෝස්තු 10

පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා පවසා ඇත්තේ ඒ සඳහා අද (04) දින සිට 2025 අප්‍රේල් මස 30 වැනි දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලබන බවයි. 2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර ඇත. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි. අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201 දුරකතන අංකවලින් වැඩි විස්තර දැන ගත හැකි අතර http://[email protected] විද්‍යුත් ලිපිනය මඟින්ද විස්තර ලබා ගත හැකි බව දැනුම් දෙයි.

විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය වන 1911 ඇමතීමෙන්ද විස්තර ලබාගත හැකිය.