ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට සරණාගත කටයුතු ඇමැති කලීල් හාකානි ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු ඇමැති සිරාජුඩීන් හකානිගේ ඥාතියකු වන බවත් වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බකරු අමුත්තකු ලෙස වෙස් වළාගෙන අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට ඇතුළු වී ඇති අතර, ඇමැතිවරයා ලිපියකට අත්සන් තබන මොහොතේදී බෝම්බය පුපුරුවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මීට වසර තුනකට පෙර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට ඉහළ මට්ටමේ ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.








