පාකිස්තානයේ දිස්ත්‍රික්ක 14කට පෝලියෝ වයිරසය ව්‍යාප්ත වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සියලුම දිස්ත්‍රික්කවල පෝලියෝ වයිරසය ඉතා අවදානම් තත්ත්වයක පවතින බව පළාත් රැසකින් ලබාගත් පරික්ෂණ සාම්පල් මඟින් අනාවරණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වසරේදි පාකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 50 දෙනකු වාර්තා වී ඇති බවත්, රට පුරාම දරුවන්ගේ ජීවිත අවදානමකට ඇද වැටී ඇති බවත් එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
අවුරුදු 12 වයසේ පසුවන දරුවන් රෝගවලින් වළක්වා ගැනීම සඳහා ලබාදෙන සාමාන්‍ය පිළිවෙත හා සමානව පෝලියෝ එන්නත නොමිලේ සැපයීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ද, ඊට අමතරව තවත් රෝග රැසකින් නිරාවරණය වීමට අවශ්‍ය එන්නත් වර්ග ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පෝලියෝ රෝගයෙන් අවුරුදු 5ට අඩු දරුවන් වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත් ප්‍රමාණය මේ මස 16 වැනිදා වන විට මිලියන 44.7ක් වනු ඇතැයි ද වාර්තා වේ.








