ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශන​යකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කව්ද, කවදාද, භාවිතා ක​ලේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.