කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි මෙම දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (23) උදෑසන 09.30 සිට අනිද්දා (24) උදැසන 07.30 දක්වා සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන දින පිළිබඳව ඉදිරියේදී දැනුම දීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.








