පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන බව සඳහන්ය.
ඒ අනුව, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල ප්රදේශයටත්, රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්රදේශවලටත් දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එමෙන්ම කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල ප්රදේශයට සහ රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ ප්රදේශයට පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නායයාමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.








