රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.
පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල් වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්යක්ෂ එච්.එල් හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
අධික වර්ෂාපතනය හේතුවෙන් කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගය දෙහිඕවිට ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව “අද දෙරණ” වාර්තාකරු සදහන් කළේය.








