මොනරාගල දිට්වා වන්දි වංචාව ගැන දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදා වන්දි ගෙවීම් ක්‍රියාවලියට අදාළව මුදල් අක්‍රමිතාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරනරාල දිස්ත්‍රික් ලේකම්වරයා ඒ පැහැලිදි කිරීම සිදුකළේය.

“මොනරාගල දිස්ත්‍රික්කයේ “දිට්වා” ආපදාවෙන් පුද්ගලයින් 5,435ක් පවුල් 1,65කට අදාළ හානි සිදුවුණා.  2025.12.31 වනවිට පුර්ණ හානියට පත්වුණ නිවාස 79ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආර්ධ හානි නිවාස 559ක් වාර්තා වෙලා තියෙනවා. රජයේ නීති චක්‍රලේඛ අනුව අපි ගෙවීම් කරලා තියෙනවා.. රුපියල් 25,000 දීමනාව ගෙව්වා. රුපියල් 50,000 දීමනාව ගෙව්වා. දරුවන්ට පාසල් පොත්පත්වලට අදාළ දීමනාව ගෙව්වා. ඒ වගේම කුලී දීමනාව ලබාදීම සිදුකළා. පාසල් සිසුන් සඳහා ලබාදෙන අනෙකුත් දීමනාවන් ලබාදීම සිද්ධ කළා. මරණ වන්දි ලබාදුන්නා. 

2026.04.20 දින කාන්තාවක් පැමිණිලි කරනවා එක් නිලධාරියෙක් රුපියල් ලක්ෂයක මුදලක් එම කාන්තාවගෙන් ගත්තා කියලා. ඒ සිද්ධිය වාර්තා වුණාට පස්සේ අපේ ග්‍රාම නිලධාරීනියක් තමයි මේ සිද්ධිය පැමිණිලි කරන්න කියලා අදාළ කාන්තාව යොමු කරලා තියෙන්නේ.. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඒ කාන්තාව පැමිණියා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙනුත් ප්‍රකාශයක් අරගෙන මේ සිද්ධිය අදාළ පාර්ශවයන් වෙත වාර්තා කළා.       

මේ සිද්ධිය වාර්තා වුණාට පස්සේ සියලුම අංශවලට එනම් අල්ලස් කොමිසමට, අමාත්‍යාංශයට දැනුම්දීම් මේ සිද්ධියට අදාළ ඒ නිලධාරීයාට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා පැමිණිලි කළා. ඒ වගේම මේක ප්‍රමාද නොකර ඉතාමත් කෙටි කාලයක් තුළ අදාළ ආපදා සහන නිලධාරීයාගේ වැඩ තහනම් කරලා ඒ සිද්ධියේ පරික්ෂණ කටයුතු කළා..”  

ඒ වගේම මදුරකැටිය වසමේ ග්‍රාම නිලධාරීවරයාට විරුද්ධව පැමිණිල්ලක් ආවා.. ඒ ග්‍රාම නිලධාරීයා මේ සිද්ධියේ පරික්ෂණ කටයුතුවලට බාධා නොවන අයුරින් කොට්ඨාසයෙන් පිට මාරුකරලා අදාළ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.  මේ සිද්ධියෙන් පස්සේ සියලුම කොට්ඨාශවල නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා තමන්ට තියෙන වගකීම අනුව කටයුතු කරන්න කියලා.”