කොල්ලුපිටිය, නිමල්කා උද්‍යානයේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන චීන ජාතිකයෙකි.
කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.








