ජනාධිපති තුමනි රණවිරු සැමරුමට සහභාගී වෙන්න, සෙබලාට රණවිරුවා ලෙස නිසි ගෞරවය ලබා දෙන්න-පුබුදු ගමගේ (ජාතික සංවිධායක -ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය)

ජනාධිපති තුමනි රණවිරු සැමරුමට සහභාගී වෙන්න, පසුගිය වසරේ සිදු වූ අත්වැරදීම නිවරදි කරගෙන සෙබලාට රණවිරුවා ලෙස නිසි ගෞරවය ලබා දෙන්න

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිම කර වසර 17ක් සපිරෙන රණවිරු සැමරුමට ජනාධිපති තුමනි ඔබ සහභාගී වෙන්න. පසුගිය වසරේ සෙබලා යනුවෙන් හැදින්වූ විරුවණ්ට රණවිරුවා ලෙස ඔවුන්ට හිමි ගෞරවය ලබා දෙන්න.
මන්ද ඔවුන් තම ජීවිත අත් පා ඇස් ලේ නහර පූජා කර මව්බිම රැක ගත්තේ වැටුපකට එහා ගිය යුතුකමක් ඉටුකර නිසාවෙනි.
ජනාධිපති තුමනි ඔබ මෙවර රණවිරු සැමරුමට සහභාගී වීම සමස්ථ සිංහල ජනතාවට කරන ගෞරවයක් ලෙස අප දකින අතර මන්ද ඔබ සිංහල ජනතාව වෙනුවෙන් පවත්වන උත්සව වලට ඔබ දක්වන අඩු සහභාගීත්වය අප දකින නිසාවෙනි.
තවද රණවිරු දිනයට සමගාමීව ත්‍රස්තවාදීන් සැමරීමට පවත්වන උත්සව ගැන අප සමාජ මාධ්‍ය ඔස්සේ දැන ගන්නට ලැබි ඇත. අප රජයට දැනුම් දෙන්නේ මේ උත්සව වැලැක්වීමට වහා මැදිහත් වන ලෙසයි. මන්ද ත්‍රස්තවාදය අවියෙන් පරාජය කරද එහි අදුරු සෙවණැලි තවමත් සැරිසරනබැවිනි.
ජනාධිපති තුමනි මේ සියල්ල ගැන සොයාබලා රණවිරුවන් බේරාගත් මව්බිමේ කිසිදු බිම් අගලක් කිසිදු අයුරින් අන්සතු වීමට ඉඩ නොදෙන ලෙස ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා

පුබුදු ගමගේ
ජාතික සංවිධායක -ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය