නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ යතුරුපැදි දෙකක් සමග අයෙකු අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) අලුයම අතුරුගිරිය පොලිස් වසමේ මිලේනියම්සිටි නිවාස සංකීර්ණ ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිට නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වන ලද යතුරුපැදි 02 නිලධාරීන් භාරයටද ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරති.