රටම එකට මෙහෙයුමෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස 170,000 පනී

‘රටම එකට‘‘ ජාතික මෙහෙයුම ආරම්භ කළ දින සිට ගතවු දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 176,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 30වනදා සිට ඊයේ (14) දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 176,269දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදි හෙරෝයින් කිලෝග්‍රෑම් 1941යි ග්‍රෑම් 248ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2003යි ග්‍රෑම් 512ක් සහ කුෂ් කිලෝග්‍රෑම් 436 ග්‍රෑම් 235ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් 325දෙනෙකු සම්බන්ධයෙන් නිති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 2820දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම සැකකරුවන් 2050දෙනෙකු පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බව පොලිසිය පැවසුවේය.