පළමු ආපදා මරණය මඩකලපුවෙන්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් ආපදා මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ආපදා මරණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (13) පස්වරු 10.00ට නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.

ඒ අනුව පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථායක පුද්ගලයින් 17 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.