2026 මැයි 08 වන විට මෙම වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.6%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද (11) දිනයේ දී රු. 318.03ක් ලෙසත් විකුණුම් මිල රු. 325.64ක් ලෙසත් සටහන් වී ඇත.
අද දින එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 321.87ක් ලෙසින් වාර්තා වී තිබේ.
2024 ජනවාරි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය මෙය වේ.








