අධිකරණයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශ නිර්ලජ්ජිත, ප්‍රකෝපාකාරී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ආරක්ෂා කළ නොහැකි ඒවා වන බවය.
අධිකරණය විධායකයේ අභිමතයට නතු කර ගැනීමට සිතාමතා කරන ලද උත්සාහයක් බව ද එහි සඳහන්ය.
මෙය හුදු දේශපාලන විවරණයක් නොව මෙය ප්රජාතන්ත්රවාදය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක් බව සර්වජන බලය අවධාරණය කරයි.
ආණ්ඩු බලයට පත්වී බිඳ වැටෙයි, දේශපාලන බහුතරයන් ඇතිවී නැති වූව ද පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගූ යුක්තියේ ආයතනය වරක් බිඳ වැටුණු පසු ඒ්වා යථා තත්ත්වයට පත් කිරීමට පහසු නොවන බව ද ඔවුන් පෙන්වා දෙයි.
අධිකරණය විධායකයේ අභිමතය පරිදි ක්‍රියා කරන මෙවලමක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ද සර්ජන බලය වැඩිදුරටත් අවධාරණය කරයි.








