එංගලන්තයේ පැරණිතම පුස්තකාලවලින් එකක් වන එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි මර්ටන් විශ්වවිද්‍යාලයේ මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයට (Merton College Library) වසර 750ක් සපිරි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
1276 වසරේදී මෙය ආරම්භ වූ මෙම පුස්තකාලය ආරම්භයේ සිට අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මකවන වෙයි.
1276 දී කැන්ටබරිහි අගරදගුරුතුමා විසින් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම විද්‍යාලයේ සාමාජිකයන් විසින් පොත් පරිත්‍යාග කළ යුතු බවයි. පුස්තකාලයේ ආරම්භය සිදු වූයේ එලෙසිනි.
අප්‍රේල් (24) වන දිනට මෙම පුස්තකාලයට වසර 750ක් සම්පූර්ණ වී තිබේ.
පුස්තකාලයේ ආරම්භය සහ වෙනස් වූ ආකාරය
වර්තමානයේ මෙන් පොත් රාක්ක නොතිබුණූ මෙම පුස්තකාලය මුල් කාල වකවානුවේදී පොත් තැන්පත් කර ඇත්තේ විශාල පෙට්ටියවලය.
පසුව, ඇතැම් පොත් පෙට්ටියෙන් පිටත මේස මත තබා ඒවා යකඩ දාමවලින් මේසයට සම්බන්ධ කරන ඇත.
1370 කාලයේදී පොත් තැන්පත් කිරීමට විශේෂ කාමරයක් ඉදි කරන ලදී.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට පොත් රාක්කවල “සිරස් අතට” තැබීමේ ක්‍රමය හඳුන්වා දුන්නේ මෙම පුස්තකාලයයි.
වර්තමානය වන විට පොත් දාම භාවිතා කරන්නේ ප්‍රදර්ශනය සඳහා පමණි.
නමුත් එම පැරණි මධ්‍යකාලීන කාමරය සහ 13 වැනි සියවසේ භාවිතා කළ මුල් පෙට්ටිය අදටත් එහි දැකගත හැකි බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
මෙහි ඇති සුවිශේෂීම කරුණ නම්, වසර 750ක් පුරා අදටත් විශ්වවිද්‍යාල සිසුන් මෙම ඓතිහාසික පුස්තකාල කාමරය අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කිරීමයි.
ලෝක ප්‍රසිද්ධ වූ මර්ටන් පුස්තකාලය
වික්ටෝරියානු යුගයේ සිටම මෙම පුස්තකාලය සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානයක් වී තිබේ.
එහි ඇති වර්ණවත් වීදුරු ජෙලැක්ක (Stained-glass) සහ 15 වැනි සියවසේ මුද්‍රිත ‘The Canterbury Tales’ වැනි දුර්ලභ පොත්පත් නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙන බව කියවේ.
සුප්‍රසිද්ධ ලේඛිකාවන් මෙහි ඇති පැරණි ලී වහලය සහ එහි ඇති “පුරාණ දූවිලි සුවඳ” ගැන තම දිනපොත්වල පවා සටහන් කර ඇති බව සඳහන් වෙයි.
ඇතැම් පිරිස් මෙය “ලොව පැරණිතම පුස්තකාලය” ලෙස හැඳින්වීමට තරම් මෙය ප්‍රසිද්ධියට පත් වී තිබේ.








