දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු අදාළ ආයතන මගින් විමර්ශන ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු පවසයි.

ඊයේ රාත්‍රීයේ හටගත් ගින්නෙන්, බදු කටයුතු සඳහා යොදා ගනු ලබන දත්ත පද්ධතියට කිසිදු හානියක් හෝ බලපෑමන් සිදුව නොමැති බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

ගින්න හේතුවෙන් ඇති වූ තත්ත්වයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කර දුරස්ථ සම්බන්ධතාවයක් මගින් පද්ධති සම්බන්ධතාවය ලබා දීමට සහ කාර්යාල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

එහිදී ඇය සඳහන් කර සිටියේ එම කාලය තුළ කළුතර ප්‍රාදේශීය කාර්යාලයෙන් හදිසි රාජකාරී කටයුතු සිදු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයකින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් එම කාර්යයන් ඉටු කර ගැනීමේ හැකියාව පවතින බවය.