රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ මාස 06ක කාල සීමාව තුළ දිවයිනපුරා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 289දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
එම කාලය තුළ පුද්ගලයන් 163,197දෙනෙකු මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 2,719දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
2025 ඔක්තෝම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,932ක්, අයිස් කිලෝග්‍රෑම් 1,985ක්, කොකේන් කිලෝග්‍රෑම් 271ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
එමෙන්ම පොලීසිය පැවසුවේ මීට අමතරව ගංජා, ගංජා පැල, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ද වැටලීම්වලදී සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බවය.








