ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටන් ගත්තට මුලු රටම එක මිටට ක්ලීන් කරලා දායි කියලා හිතුවේ නෑ

ක්ලීන් ශ්‍රී ලංකා කියලා පටන් ගත්තට මුලු රටම එක මිටට ක්ලීන් කරලා දායි කියලා හිතුවේ නෑ

ක්ලීන් ශ්‍රී ලංකා සහ පුනරුදය යන තේමා වලින් ආරම්භ කල වත්මන් ආණ්ඩුව ද පෙර පැවති ආණ්ඩු මෙන් දූෂණය පෙරදැරිකරගනිමින් රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩු ගමන් කල මාර්ගයේම ගමන් කරන බව පෙනෙන්නට තියේ

මහ බැංකුව වංචාවේ වරදකරූවන් අල්ලනවා, උගන්ඩාවෙ තියෙන සල්ලි ගේනවයි කියලා ආපු ආණ්ඩුවට අද වන විට මහාභාණ්ඩාගාරය හොරුන්ගෙන් බේරා ගැනීමට බැරුව තියනවා.

ආණ්ඩුව පත්වූ දා සිටම නීතිවිරෝදී කන්ටේනර් වරායෙන් පැන්වීම, ගල්අගුරු වංචාව,මුදල් අමත්‍යශයේ වංචාව,ඩීසල් මගඩිය වැනි වංචා අලුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවෙන්ද සිදු වූ වංචා අද වන විට හෙලි වෙන්නට පටන් ගෙන ඇත

මේ අනුව ආණ්ඩුවේ නෙහැකියාව, බොරුව සහ දූෂිත බාවයේ නිරුවත ජනතාව වෙත පෙනෙන්නට පටන්ගෙන ඇති අතර ජනතාව දුප්පත් වූ ආණ්ඩුවේ ඇමතිවරුන් සිටුවරුන් බවටද පත් වී ඇත්තේ සමාජවාදී පාලනය වල පල්ලට යවමිනි.

බොරුව දූෂණය හෙලි වෙද්දී කතානායක වරුන් ඇමතිවරුන් ඉල්ලා අස්වී අත පිස දා ගන්නවානම් මුදල් ඇමතිතූමා මහාභාණ්ඩාගාරයේ වංචාවෙන් විලි වසා ගන්නේ කෙසේද ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය බලා සිටිනවා

පුබුදු ගමගේ
ජාතික සංවිධායක _ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය