දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින් එක්වූ සිංහ පැටවුන් දෙදෙනා නැරඹීමට මහජනතාවට අවස්ථාව උදාවෙයි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ආර්.සී.රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(30) එය සිදුවිය.
පසුගිය දෙසැම්බර් 24 වැනිදා දෙහිවල සත්වෝද්‍යානයේ දී උපන් මෙම පිරිමි සහ ගැහැණු සිංහ පැටවුන් දෙදෙනාගේ වර්ධනය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලූ අධ්යක්ෂ ජනරාල්වරයා, ඔවුන්ගේ සුරතල් බැලීමට පැමිණ සිටි නරඹන්නන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
සෑම දිනකම පෙරවරු 10:00 සිට 11:30 දක්වා දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන ඔබටත් මේ අපූරු පැටවුන් දෙදෙනාව දැකබලා ගත හැකි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.








