Month April 2026

හෙරොයින් සමග සැකකරුවෙකු කටානේ දී අත්අඩංගුවට

කටාන, ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.     මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කටාන පොලිසිය විසින්…

ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ ‘සුපිරි පරිගණකය’ වෙන්දේසියට

17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ  Sotheby’s වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය. පිත්තලෙන් නිමවා ඇති මෙම උපකරණය ලොව දැනට…

ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ පළමු රන් පද­ක්ක­මට ශ්‍රී ලංකා කබිඩි ක්‍රීඩි­කාවෝ අද සටනේ

ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට පළමු රන් පද­ක්කම දිනා දීම වෙනු­වෙන් සටන් වැදී­මට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩි­කාවෝ සමත්ව සිටිති. ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් පෙරවරු 7.30ට ප්‍රබල ඉන්දීය පිල සම­ඟින් රන් පද­ක්කම දිනා ගැනීම වෙනු­වෙන් තරග බිමට පිවි­සී­මට…

චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ විශාලතම LNG ප්‍රවාහන නෞකාව භාරදීම සිදු කෙරේ

චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ ඝණ මීටර් එක්ලක්ෂ අසූදහසක ප්‍රමාණයක ස්වාභාවික ද්‍රව වායු (LNG) ප්‍රවාහනය කළ හැකි ප්‍රථම නෞකාව වන Celsius Georgetown නෞකාව භාරදීම සිදු කෙරේ. චීන Merchants සමූහයට අයත් Jiangsu පළාත් සමාගම විසින් සංවර්ධනය කරන ලද එම නෞකාව ඊයේ(26)…

ජාත්‍යන්තර “සාම පා ගමන” වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය හෙට(28) ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර “සාම පා ගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්‌ වේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්…

මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මකයි – ඇමති ආනන්ද විජේපාල

කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වනු ඇති බවත් ඒ අනුව…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 2න් පමණ පසුව ගිගුරුම් සහිත…

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ‘සර්වජන බලය’ අද (27) විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. එය අද (27) පෙරවරුවේ මුදල් අමාත්‍යංශ පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. මේ අතර…

හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද…

ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතාවක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා  අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ…