Month April 2026

ශ්‍රී ලංකා තැපෑලෙන් ඇමරිකානු තැපෑලට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් අස්ථානගත වෙලා

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද තැපැල් සේවය වෙත කරන ලද ඩොලර් හය ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් අදාළ මුදල් එක්සත් ජනපද තැපැල් සේවය වෙත නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින් බවත් කැබිනට්…

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 75ක් ලබා ගත්තේය. පිළිතුරු…

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ පෙත්සම් විභාගය අවසන්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමේ විභාගය අද (28) අභියාචනාධිකරණය හමුවේ…

අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයින් හට ස්ථිර පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ වෙනත් ආයතනවල තාවකාලික, අනියම්…

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩා ඉරිප්පු වෙරළ ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් වලංගු කිමිදුම් බලපත්‍ර…

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන් වෙයි

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින්…

මාලදිවයින් ජනපති මැයි 03 වනදා දිවයිනට

මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා මැයි 03 දින සිට 05 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත සිදු කෙරේ. ‍ මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර…

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතියට අනුමැතිය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් විපතට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම්, ඥාති නිවාසවල ජීවත්වන පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දිට්වා සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පූර්ණ නිවාස හානි 6,088ක් සහ…

අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

‘Walk for peace’  වැඩසටහනේ අවසන් දිනය අද කොළඹ කේන්ද්‍ර කර ක්‍රියාත්මක කිරීමට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර තිබේ.  එම වැඩසටහන අද (28) කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සවස 04.00ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර…

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ…