Month April 2026

බස් රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාලු පාරේ අනතුරක්

මොරටුව දෙස සිට පානදුර දෙසට ගමන් ගත් බස් රථයක් රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මාර්ගයේ විරුද්ධ  දෙසට ධාවනය වී අසල තිබූ නිවසක වැදී බස් රථය නැවතී ඇත. අනතුරෙන් බස් රථයේ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක…

ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

දකුණු ලෙබනනයේ සූර්ය පැනල ඊශ්‍රායලය හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල හමුදා සූර්ය පැනල විනාශ කරන ආකාරය දැක්වෙන සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන විඩියෝවක් එම ආයතනය…

වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ කොළඹ 11 ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා…

නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට නිපුණි වාසනා සමත් වී තිබේ. ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම…

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත. දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය…

සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ. අමෙරිකාවේ වාසය කරන වියට්නාම…

අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි 

අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව…

මරදානේ අක්කරයකට වැඩි UDA ඉඩමකට ආයෝජන යෝජනා කැඳවයි

නාගරික සංවර්ධන අධිකාරිය (UDA)  සතු සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යෝජනා කිරීම පිණිස 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ…

සියැට් කැලණි වෙතින් ශ්‍රී ලංකාවේ මාර්ග සඳහාම නිර්මාණය වු උසස් තත්ත්වයේ GRIPP X5 සහ ZOOM X5 යතුරුපැදි ටයර්

වෙනස් වන රිය පැදවීමේ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ධාවන හැකියාවක්, වැඩි ආරක්ෂාවක් සමඟින් උසස් කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සියැට් ‘GRIPP’ සහ ‘ZOOM’ යතුරුපැදි සහ ස්කූටර් ටයර් පරාසයේ නවතම X5 මාදිලිය හඳුන්වා දෙමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ…

ලෝක මිහිකත දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව කන්නෙලිය වනාන්තරය විද්‍යානුකූලව පුනර්ජීවනය කිරීම අරඹයි

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින…