මොරවැව,යාය 06 ප්රදේශයේදී වගා ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන මොරවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා විසින්ම මෙම විදුලි රැහැන් යොදා ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වි ඇත.
මොරවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.








