ජපානයට භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත්තේ එය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර රික්ටර් මාපක 6.2ක අගයක් ගෙන ඇති බවත්ය.

කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

නමුත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ප්‍රබල කම්පන ඇතිවූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් හා නායයෑම් අවදානම වැඩිවී ඇති බවය.

පසුගිය අප්‍රේල් 20 වැනි දින ද ජපානයේ උතුරු ඉවාට් ප්‍රාන්තයට ඔබ්බෙන් රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන තත්ත්වයක් ඇති වූ අතර එම භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරිණි.