රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව “වෙසක් සතිය” නිමිත්තෙන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන් හා ගුරු විද්‍යාල පරිශයන් හී සංවිධානය කළ යුතු වැඩසටහන් සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අදාළ චක්‍රලේකය මගින් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සතිය නිමිත්තෙන් මැයි 26 වැනි දින සිට ජූනි 02 වැනි දින දක්වා අදාළ වැඩසටහන් පාසල්, විද්‍යාපීඨ, පිරිවෙන් හා ගුරු විද්‍යාල පරිශයන් හී සංවිධානය කළ යුතු බවය.
2026 මැයි මස 30 වන දිනට යෙදී ඇති වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 27 වැනි දින මාතර තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම වැඩසටහන් සංවිධානය කිරීමට අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇති අතර ඊට අදාළ යෝජිත ආදර්ශ සැලැස්මද අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත. එම වැඩසටහන් අදාළ පාසල් සහ අධ්‍යාපන ආයතනවල සුදුසු පරිදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.








