කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.

මාවුස්සාකැලේ ජලාශයෙ ජල මට්ටම පිටාර මට්ටමේ සිට (24) දින අලුයම 6:00 වන විට, අඩි 50යි අගල් 11ක් දක්වා පහළ බැස ඇති අතර, එම ජලාශයට (23) දින මිලි මීටර් 12ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම (24) දින උදෑසන අඩි 40යි අගල් 10ක් දක්වා පහළ බැස ඇති බවත්, එම ජලාශයට (23) දින මිලි මීටර් 14ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි එම ඉංජිනේරුවන් කියා සිටියේ.

ජලාශ දෙකේම ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම හේතුවෙන් ජලාශය ඉදිරි කිරිමේ දී මතු වූ නටඹුන් රැසක් සහ දූපත් රැසක් යලි මතුවෙමින් පවතියි.

එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමළසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂාපන, කැනියොන්, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරනු ලබයි.