අමෙරිකාවේ මොඩර්නා සමාගම සිය පරීක්ෂණාත්මක කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නතක අවසන් අදියරේ සායනික පරීක්ෂණ බ්‍රිතාන්‍යය සමග ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා.
එම් ආර් එන් ඒ 10යි 18 ලෙස නම් කර ඇති මෙම එන්නත, වයස අවුරුදු 18 සහ ඊට වැඩි නිරෝගී වැඩිහිටියන් 4,000ක් පමණ යොදා ගනිමින් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වසංගතයක් ලෙස පැතිරීමට ඇති අවදානම කළමනාකරණය කිරීම මෙහි අරමුණයි.








