අවු­රුදු 70ට වැඩි අයගේ අස්වැ­සුම ප්‍රති­ලාභ අද ගිණු­ම්ව­ලට

අස්වැ­සුම සුභ­සා­ධක ප්‍රති­ලාභ යෝජනා ක්‍රමය යටතේ අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන්ගේ ප්‍රති­ලාභ අද (22) දිනයේ අදාළ ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරී­මට සුභ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ.

ඒ අනුව අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන් 689,931ක් දෙනකු වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 3,449.65ක මුද­ලක් එම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පව­සයි. අස්වැ­සුම සුභ­සා­ධක ප්‍රති­ලාභ යෝජනා ක්‍රමයේ පළමු අදි­යරේ වයස අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන් 617,406 දෙනකු සඳහා අප්‍රේල් මස වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් මිලි­යන 3,087.03ක මුද­ලක් ගෙවී­මට නිය­මි­තව තිබේ. ඊට අම­ත­රව දෙවැනි අදි­යරේ අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන් 72,525 දෙනකු සඳහා අප්‍රේල් මස වැඩි­හිටි දීම­නාව වශ­යෙන් රුපි­යල් මිලි­යන 362.62ක මුද­ලක් ගෙවන බව ද සුභ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය සඳ­හන් කරයි.

මහින්ද අලු­ත්ගෙ­දර