ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව පුහුණු වැඩසටහනක් සඳහා කොළඹ වරායට පැමිණෙයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීමට ඊයේ (21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Diving Support Vessel වර්ගයට අයත් ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Sailesh Kumar Tyagi කටයුතු කරයි.
මේ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීමට නියමිත අතර, එමඟින් දෙරටේ කිමිදුම් අංශයන්ගේ අත්දැකීම් හුවමාරුව සහ ශක්‍යතා වර්ධනය සඳහා අවස්ථාව සැලසීම අපේක්‍ෂා කෙරේ. එමෙන්ම, එහි නැව් කාර්ය මණ්ඩලය දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති වැඩසටහන් කිහිපයකට සහභාගි වීමටත්, සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට සංචාරයන්හි නිරත වීමටත් නියමිතය.
රක්ෂණ ශ්‍රියන්ත








