අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 88,211ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,634ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 29%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 4,682ක්, ජර්මනියෙන් 4,030ක්, එක්සත් රාජධානියෙන් 7,672ක්, චීනයෙන් 6,333ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,351ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 19 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 828,845ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 172,907ක්, රුසියාවෙන් 70,600ක් සහ එක්සත් රාජධානියෙන් 86,092ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.