පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද සිට යථා තත්ත්වයට

තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

මේ වන විට එම තාක්ෂණික ගැටලුව නිරාකරණය කර සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.