2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) ආරම්භ වුණා.
එසේම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද අද (20) දිනයේ ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය කාලසීමාව තුළ පාසල් සඳහා නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබුණා.








