කිලිනොච්චිය, කාංචිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය.
එමෙන්ම අදාළ මළසිරුර හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බව ද වාර්තා වේ.
පශ්චාත් මරණ පරික්ෂණය අද (19) සිදු කිරීමට නියමිතව ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.








