ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදු වී තිබෙනවා.
ඒ අනුව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ එම විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිය ශෝකය පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.
විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද, ආපදාවට පත් වූ ප්‍රදේශයන්හි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේ දී අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙහිදී ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතඥතාව පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








