අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව නීති පියවර

ආපදා අව­ස්ථා­වක, සමස්ත රටේ ජන­තාව එක්ව සිටින මේ මොහොතේ සදා­චාර විරෝධී ලෙස සත්‍ය­යෙන් තොර පුවත් සමා­ජ­ගත කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව දැඩි නීති­මය පිය­වර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවැ­සීය.

එමෙන්ම සදා­චාර විරෝ­ධීව සත්‍ය­යෙන් තොර පුවත් සමා­ජ­ගත නොක­රන ලෙස පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් තමන් මහ­ජ­න­තා­ව­ගෙන් ඉතා ගෞර­ව­යෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ත්‍රිවිධ හමුදා ආර­ක්ෂක මූල­ස්ථා­නයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

මේ වන විට මහ­ජ­න­තාව බියට සහ කැල­ඹී­මට පත්වන ආකා­රයේ පුවත් සමා­ජ­ගත කිරීම සම්බ­න්ධව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කිහි­ප­යක් ලැබී තිබෙන බවත්, අදාළ පැමි­ණිලි සම්බ­න්ධව පරි­ග­ණක විම­ර්ශන අංශය විම­ර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පෙන්වා දුන්නේය.

පශ්චාත් ආපදා සමයේ රටේ මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව සහ යහ­පැ­වැත්ම වෙනු­වෙන් සේවා­වන් සහ සැප­යීම් අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමට රජය කැප­වී­මෙන් කට­යුතු කර­මින් සිටින අව­ස්ථා­වක ඇතැම් පුද්ග­ල­යන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය­යෙන් තොර, තහ­වුරු නොක­රන ලද පුවත් සමා­ජ­ගත කිරීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට තිබෙන බවත් සඳ­හන් කළ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා මහ­ජ­න­තාව බියට සහ කැල­ඹී­මට පත්වන ආකා­රයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියා­වක් බවත්, අසත්‍ය තොර­තුරු සමා­ජ­ගත කිරීම දඬු­වම් ලැබිය හැකි වර­දක් බවත් එහි දී පෙන්වා දුන්නේය.

රැඳ­වුම් මධ්‍ය­ස්ථා­න­වල ඇතුළු ආප­දා­වට ලක්වූ ප්‍රදේ­ශ­ව­ලින් යම් යම් අප­රාධ සිදු­වීම් වාර්තා­වී­මක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍ර­හ­යට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොර­කම් සහ කොල්ල­කෑම් සිදු­ක­රන ඕනෑම පුද්ග­ල­ය­කුට එරෙ­හිව නීතිය දැඩි ලෙස ක්‍රියා­ත්මක කරන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා රජය ප්‍රමු­ඛව ආප­දා­වට ලක්වූ­වන්ගේ සුබ­සා­ධ­නය වෙනු­වෙන් සිදු­ක­රන ඒකා­බද්ධ මෙහෙ­යු­මට සිය­ලුම දෙනාගේ ගෞර­ව­ණීය දාය­ක­ත්වය අපේක්ෂා කරන බවත් සඳ­හන් කළේය.

එසේම මෙර­ටට පැමිණ සිටින විදේ­ශි­ක­යන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් වැද­ගත් සහ කඩි­නම් පිය­වර රැසක් පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගෙන තිබෙන බවත්, එහි දී සංචා­ර­ක­යන් සම්බ­න්ධව ඕනෑම ගැට­ලු­වක් ඇත්නම් සංචා­රක පොලිස් කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­තු­මන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුර­ක­තන අංක­යට හෝ ගුවන් තොටු­පළ (සංචා­රක) ස්ථානා­ධි­පති 0718596057 සහ ගුවන් තොටු­පළ භාර ස්ථානා­ධි­පති 0718591640 යන දුර­ක­තන අංක­ව­ලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැවැ­සීය.

මීට අම­ත­රව පොලි­ස්ප­ති­ව­ර­යාගේ මඟ පෙන්වීම මත පොලිස් මූල­ස්ථා­නයේ පැය 24 පුරාම ක්‍රියා­ත්මක විශේ­ෂිත මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුර­ක­තන අංක අමතා ආප­දා­වට ලක්වූ පුද්ග­ල­යන් සම්බ­න්ධව හෝ ඕනෑම ගැට­ලු­වක් යොමු කිරී­මට මහ­ජ­න­තා­වට මෙම­ඟින් අව­ස්ථාව උදා කර දී ඇත.

උපාලි කරු­ණා­රත්න