මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු 28 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.