රුසියා – යුක්රේන යුද ගැටුම අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේනය වෙත යෝජනා 28කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
එළඹෙන 27 වැනිදා වන විට මෙම යෝජනාව පිළිගන්නා ලෙසට ජනපති ට්‍රම්ප් විසින් යුක්රේනය වෙත බලකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්රේනට පූර්ණ පරිමාණ වශයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ වී මේවන විට වසර 03කට වැඩි කාලයක් ගතව තිබෙනවා.
යුද්ධයෙන් දෙපාර්ශවයෙන්ම මියගොස් ඇති පිරිස දහස් ගණනාවකට ආසන්නයි.
කෙසේවෙතත් මෙම යෝජනාව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සහ යුක්රේනය ඇතුළු රටවල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවීමට නියමිතයි.








