76වැනි යුද්ධ හමුදා සැමරුමට සමගාමීව යුධ හමුවේ කොමිෂන් නොලත් නිලධාරීන්/ නිලධාරිණියන් 7979කුට උසස් වීම් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් මස 10 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ නිළ උසස් කිරීම් පිරිනමා ඇති බවයි.
ඒ අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 140 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 818 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1305 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2250 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2395 දෙනෙකු කෝප්රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1071 දෙනෙකු ලාන්ස් කෝප්රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.








