පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
ඒ අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර තිබෙනවා.
ඉන් අනතුරුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වගන්තියට අනුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු අතර, ඊට අදාළ ඡන්ද විමසීම එදින පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතයි.







