තායිලන්තයේ හිටපු අගමැතිනියට වසරක සිරදඬුවමක්

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බන්ධනාගාරයක් වෙනුවට රෝහලක ප්‍රභූ අංශයේ රඳවා තබා ගැනීම නීති විරෝධී බැවින්, කෝටිපති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක් නියම කළ යුතු බව තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

දශක දෙකක් දේශපාලනය ආධිපත්‍යය දැරූ බලවත් පවුලකට එල්ල කරන ලද මෙම සිදුවීම තවත් විශාල පහරකි.