අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සිකුරාදා ඇලස්කාවේ පැවැති සාකච්ඡාවේ දී ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් වෙනුවෙන් පැවැති මෙම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවැත් වුණි.
සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.
මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණද, දෙදෙනාම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී පිටව ගියේය. එහෙත් දෙරටේ ජනාධිපතිවරු පවසා සිටියේ ඵලදායී එකඟතාවන්ට එළැඹුණු බවය.
එහිදී “ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත. තවද එළැඹුණු එකඟතා ගැන යුක්‍රේන ජනාධිපතිවරයා සහ නේටෝව දැනුවත් කරන බවද ට්‍රම්ප් පැවසීය.
එමෙන්ම පුටින් පවසා ඇත්තේ යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට තමා “අවංකවම උනන්දු” බවය.
ඒ හැරෙන්න ජනාධිපතිවරු දෙදෙනාම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදුන්නේය.
ජනාධිපතිවරු අතර සාකච්ඡා සඳහා කිසිදු පරිවර්ථකයෙකු එක් නොවූ බවද වාර්තා වේ.
එම සාකච්ඡාව ඉංග්‍රීසි බසින් පැවැත්වී ඇති වුවත්, පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී රුසියානු බසින් කථා කිරීම විශේෂත්වයක් විය.
එහිදී ඔහු පවසා ඇත්තේ 2022 වසරේ ට්‍රම්ප් පරිපාලනයක් පැවැතියේ නම් යුක්‍රේන – රුසියා යුද්ධයක් ඇති නොවනු ඇති බවය.
“මා ගුවන් යානයෙන් බැස්ස පසු ට්‍රම්ප්ට මගේ හිතවත් අසල්වැසියා”ලෙස ඇමතූ බව පුටින් ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා නොලැබීම ද විශේෂත්වයකි.
ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡාව තවත් අතකින් විශේෂ වන්නේ අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙය වීම නිසාය.