බොරැල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

බොරැල්ල – සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිවු දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

අදාළ තුවාලකරුවන් තිදෙනා ශල්‍ය කර්මවලට ලක්කර ඇති අතර, මේ වනවිට ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඔහු සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගියා.