දරුවන් යොමු විය යුතු නිවැරදි මාර්ගය හඳුනාගැනීම සහ තාක්ෂණයෙන් හා දැනුමෙන් දරුවෙකු සන්නද්ධ කිරීම රටට තිබෙන දැවැන්ත දායාදයක් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවති සාකච්ඡවකදීයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගරදගුරු නිල නිවසේදී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මෙහිදී ඕනෑම කර්මාන්තකරුවෙකුට තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වීම යහපත් දෙයක් බවත් කාර්මිකයින් දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධ වීම හරහා ඔවුන්ට මුදල් ඉපැයීමේ හැකියාව ඉහළ යන බවත් අගරදගුරු හිමිපාණන් පවසා තිබෙනවා.








