ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
අදාළ ඉන්දියානු ධීවර යාත්‍රාව සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර තිබුණු බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමක දී, හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබිය දී එම ධීවර යාත්‍රාව සොයා ගෙන තිබෙනවා.
යාත්‍රාව හා එහි සිටි පිරිස දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති අතර, මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








