මැල්කම් කාදි­නල් රංජිත් හිමි උප­හාර උලෙළ ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් උප­හාර උත්ස­ව­යක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ අග­රද­ගුරු නිල නිවසේ ශ්‍රව­ණා­ගා­රයේදී අද (07) පස්ව­රුවේ පැවැත්වේ.

ස්වාමීන් වහ­න්සේලා ඇතුළු ආග­මික නාය­ක­යන්, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඇතුළු රජයේ මැති ඇමැ­ති­වරු, තානා­ප­ති­වරු, ත්‍රිවිධ හමු­දා­ප­ති­වරු, වැ.බ. පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු ආරා­ධි­තයෝ රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වෙති.

මෙම උප­හාර උත්ස­වය සංවි­ධාන කරණු ලබන්නේ කොළඹ අග­ර­ද­ගුරු පද­විය විසිනි.

මේ විශේෂ උත්ස­වය නිමි­ත්තෙන් අද (07) දිනයේ බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහි­ප­යක බර වාහන ඇතුළු වීම සීමා කිරී­මට කට­යුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී උදය කුමාර වුට්ලර් මහතා සඳ­හන් කරයි.

බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්ද­දාස කෝදා­ගොඩ හන්දිය දක්වා මෙසේ බර වාහන ඇතු­ළු­වීම සීමා කිරී­මට කට­යුතු කරනු ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. එබැ­වින් මෙම මාර්ග මඟ හැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය බර­වා­හන රියැ­දු­ර­න්ගෙන් ඉල්ලී­මක් කරයි.

පසු­ගිය මස 29 වැනි දිනට මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ පූජක දිවි­යට වසර 50 සම්පූර්ණ වූ අතර පසු­ගිය 30 දින ඒ වෙනු­වෙන් කොට­හේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී තුති­දීමේ දේව මෙහෙ­යක් පව­ත්වන ලදී. එහි දී පාසල් ළම­යන් 50කට පාසල් උප­ක­රණ බෙදා­දීම ද මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් අතින් සිදු කෙරිණි.

ගයාන් කුමාර වීර­සිංහ, උපාලි කරු­ණා­රත්න